බහු කාර්ය ගොඩනැගිල්ලේ උඩුමහල් ශ්‍රවණාගාරය වෙන් කරවා ගැනීම.
ඔබේ සම්මන්ත්‍රණ, රැස්වීම් හෝ ඕනෑම විශේෂ අවස්ථාවක් සඳහා දැන් අපගේ බහුකාර්ය ගොඩනැගිල්ලේ උඩුමහල් ශ්‍රවණාගාරය වෙන්කරවා ගත හැක. නවීන පහසුකම්වලින් සපිරි නිදහස් පරිසරයක ඔබේ උත්සවය පවත්වන්න.
පහසුකම් සහ මිල ගණන්
විශාල ඉඩකඩ: පුද්ගලයන් 200+ක් සඳහා පහසු ආසන පහසුකම්. ශ්‍රවණාගාරය 400m2
- දැවැන්ත වේදිකාව (Stage): අඩි 16×38 ප්‍රමාණයේ ඉතා ඉඩකඩ සහිත වේදිකාව.
සුවපහසුව: පූර්ණ වායු සමීකරණ (A/C) පහසුකම සහිතයි.
ශබ්ද පරිපාලනය: උසස් තත්ත්වයේ ශබ්ද විකාශන පද්ධතිය.
පිහිටීම: නගරයට ආසන්න, පහසුවෙන් ළඟා විය හැකි මනරම් වටපිටාව.
නැවැත්වීමේ පහසුකම්: පුළුල් වාහන නැවැත්වීමේ ඉඩකඩ.
අපගේ සේවාවන් ඉතා සහනදායී මිල ගණන් යටතේ ඔබට ලබාගත හැක:
| බහු කාර්ය ගොඩනැගිල්ල උඩු මහල් ශ්‍රවනාගාරය බදු දීම දිනකට | රු.15,000.00 |
| ආරක්ෂිත ඇප තැන්පතුව ( ආපසු ගෙවන ) | රු.20,000.00 |
| ශබ්ද විකාශන යන්ත්‍ර සදහා දිනකට | රු. 8,000.00 |
| වායු සමීකරන සදහා දිනකට | රු. 7,000.00 |
විශේෂ නියමයන් සහ කොන්දේසි:
ඉහත සඳහන් මූලික ගාස්තුව (රු. 15,000) ආසන 200 ක් සහ ශාලා පහසුකම් සඳහා පමණක් අදාළ වේ.
ශ්‍රවණාගාරයේ දේපල හා උපකරණ වලට යම් හානියක් සිදුවුවහොත්, ඒ සඳහා නියමිත තක්සේරු කරන ලද අලාභය අය කරනු ලැබේ.
දිනයන් වෙන්කරවා ගැනීම සඳහා:
පියවර 1: සභාවේ වෙබ් අඩවියෙන් හෝ කාර්යාලයෙන් අයදුම්පත ලබාගන්න.
පියවර 2: ඔබ අපේක්ෂිත දිනය පවතිනවාදැයි විමසා බලන්න.
පියවර 3: අයදුම්පත භාර දී නියමිත ගාස්තු ගෙවා ඔබගේ දිනය වෙන් කරවා ගන්න.
ඉමදුව සතිපොළ ගොඩනැගිල්ල සහ භූමිය වෙන් කරවා ගැනීම.
වෙළඳ ප්‍රදර්ශන, ප්‍රාදේශීය අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්, සහ විවිධ මහජන උත්සව සඳහා ඉමදුව නගර මධ්‍යයේ පිහිටි සතිපොළ පරිශ්‍රය දැන් වෙන්කරවා ගත හැක.
සේවා සහ ගාස්තු විස්තර
(සටහන: අඟහරුවාදා දින සතිපොළ පැවැත්වෙන බැවින්, එදින හැර සතියේ අනෙකුත් දින සඳහා පමණක් වෙන්කිරීම් සිදු කරනු ලැබේ)
| සේවාව | දිනක ගාස්තුව | ඇප තැන්පතුව (ආපසු ගෙවන) |
| සතිපොළ ගොඩනැගිල්ල (ශාලා පහසුකම් පමණි) | රු. 12,000.00 | රු. 3,000.00 |
| තිර රෙදි පහසුකම් | රු. 15,000.00 | රු. 5,000.00 |
| විදුලිය සඳහා මූලික ගාස්තුව | රු. 1,200.00 | – |
වැදගත් නියමයන් සහ කොන්දේසි:
විදුලිය භාවිතය: උත්සවය සඳහා විදුලිය ලබා ගන්නේ නම්, දිනක ගාස්තුවෙන් 10% ක අමතර ගාස්තුවක් ගෙවිය යුතුය.
වගකීම: දේපල හා උපකරණ වලට යම් හානියක් සිදුවුවහොත්, ඒ සඳහා තක්සේරු කරනු ලබන අලාභය ගෙවීමට බැඳී සිටිය යුතුය.
අයදුම්පත්: සතිපොළ භූමිය කුලියට ලබා ගැනීමට නම්, අදාළ නිල අයදුම්පත සම්පූර්ණ කර ඉමදුව ප්‍රාදේශීය සභාව වෙත භාර දිය යුතුය.
* අඟහරුවාදා දින සතිපොළ පැවැත්වෙන බැවින්, එදින හැර සතියේ අනෙකුත් දින සඳහා පමණක් වෙන්කිරීම් සිදු කරනු ලැබේ
අපව තෝරාගත යුත්තේ ඇයි?
උපායමාර්ගික පිහිටීම: ඉමදුව නගර මධ්‍යයේ පිහිටා තිබීම නිසා වැඩි පාරිභෝගික ආකර්ෂණයක් ලබාගත හැක.
ප්‍රවාහන පහසුව: ප්‍රධාන බස් නැවතුම්පොළට සහ ප්‍රවේශ මාර්ග වලට ඉතා සමීපයි.
පුළුල් ඉඩකඩ: විශාල ප්‍රදර්ශන කුටි සහ ජනතාව ගැවසීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ.
- ප්‍රධාන ප්‍රදර්ශන ශාලාව – 714m2
- උප ශාලාව – 339m2
දිනයන් වෙන්කරවා ගැනීම සඳහා:
පියවර 1: සභාවේ වෙබ් අඩවියෙන් හෝ කාර්යාලයෙන් අයදුම්පත ලබාගන්න.
පියවර 2: ඔබ අපේක්ෂිත දිනය පවතිනවාදැයි විමසා බලන්න.
පියවර 3: අයදුම්පත භාර දී නියමිත ගාස්තු ගෙවා ඔබගේ දිනය වෙන් කරවා ගන්න.
📞 විමසීම්: 0912286375
📧 ඊමේල්: imaduwa.prasabha@gmail.com
📄 අයදුම්පත බාගත කරන්න: [Download PDF Button]
සුසාන භූමිය භූමදාන කටයුතු වෙන් කරවා ගැනීම- හව්පේ සුසාන භූමිය
- නෛතික අධිකාරිය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 127 වන වගන්තිය සමඟ කියවිය යුතු, 231 වන අධිකාරය වූ සුසාන භූමි හා භූමදාන ආඥාපනත.
(ආ) පළාත් පාලන ආයතනය විසින් සාදන ලද ආදාහනාගාර අතුරු ව්‍යවස්ථාවේ නියම.
(ඇ) මෘත දේහයක් ආදාහනය කිරීම සම්බන්ධයෙන් වන විට, අපරාධ නඩු විධාන සංග්‍රහය.
- ඉදිරිපත් කළ යුතු ලේඛන
1.සුසාන භුමිය සඳහා වන අයදුම්පත සම්පූර්ණ කර පහත සඳහන් ලියකියවිලි සමඟ ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.
2.මරණ සහතිකයේ මුල් පිටපත (මරණ සහතිකයේ සුසාන භුමියේ නම – “හව්පේ සුසාන භූමිය” ලෙස සදහන් කර තිබිම අනිවාර්යය වේ.)
පහත සදහන් මරණ සහතික ආකෘති පත්‍ර මගින් පමණක් මෘත දේහ භාර ගැනීම සිදු කරනු ලබයි.
- B18 ආකෘති පත්‍රය
- B16 ආකෘති පත්‍රය
- B20 ආකෘති පත්‍රය
- B17 ආකෘති පත්‍රය
- B12 ආකෘති පත්‍රය
ඉහත B12, B16, B17 හා B20 දරණ ආකෘතී මගින් මරණය සනාථ කරන තාවකාලික සහතික නිකුත්කර ඇති අවස්ථාවකදී, සුසාන භූමිය සදහා වූ වෙන් කිරීමේ අයදුම් පතට අමතරව ඒ සදහා වු අමතර අයදුම්පතක්, ඉල්ලිම් ලිපියක් ද සමග භාර ගනු ලබන අතර, මුල් මරණ සහතිකයේ පිටපත පසුව සභාව වෙත ඉදිරිපත් කල යුතුය.
සම්පුර්ණ කරන ලද අයදුම්පත සමග මරණ සහතිකයේ පිටපත් 01ක් ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.
- ගාස්තුව
හවුපේ සුසාන භුමියේ භූමිදාන කටයුතු (වලවල් බැදිය නොහැක)
ඉමදුව බල ප්‍රදේශය තුල පදිංචි පුද්ගලයකුගේ මෘත ශරීරයක් භූමිදානය සදහා 2,000.00
ඉමදුව බල ප්‍රදේශයෙන් පිටත පදිංචි පුද්ගලයකුගේ මෘත ශරීරයක් භූමිදානය සදහා 5,000.00
අදාහනාගාර වෙන් කිරීම- මාවැල්ල අදාහනාගාරය (ඉමදුව)
- නෛතික අධිකාරිය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 127 වන වගන්තිය සමඟ කියවිය යුතු, 231 වන අධිකාරය වූ සුසාන භූමි හා භූමදාන ආඥාපනත.
(ආ) පළාත් පාලන ආයතනය විසින් සාදන ලද ආදාහනාගාර අතුරු ව්‍යවස්ථාවේ නියම.
(ඇ) මෘත දේහයක් ආදාහනය කිරීම සම්බන්ධයෙන් වන විට, අපරාධ නඩු විධාන සංග්‍රහය.
- සුදුසුකම්
(අ) හදිසි අනතුරක් හේතුවෙන් හෝ වෙනත් කිසියම් හේතුවක් මත මියගිය තැනැත්තකුගේ මෘත දේහයක් සම්බන්ධයෙන් පවත්වනු ලැබූ මරණ පරීක්ෂණයක දී, අදාළ මෘත දේහය ආදාහනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර නැති හෝ ස්වාභාවික මරණයට පත් වූ තැනැත්තකුගේ මෘත දේහයක් විය යුතු ය.
(ආ) පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ජීවත් වූ තැනැත්තකු විය යුතු ය;
(ඇ) පළාත් පාලන ආයතන බල ප්‍රදේශයෙන් බැහැර පදිංචි ව සිටි තැනැත්තකුගේ මෘත දේහයක් සම්බන්ධයෙන් වන විට, පළාත් පාලන ආයතනය විසින් නියම කරනු ලබන අතිරේක ගාස්තුවක් අය කර ගැනීමෙන් පසුව පමණක් එවැනි මෘත දේහයක් ආදාහනය කිරීමට අවස්ථාව සලස්වා දෙනු ලැබිය හැකි ය.
- ඉදිරිපත් කළ යුතු ලේඛන
ආදාහනාගරය/සුසාන භුමිය සඳහා වන අයදුම්පත සම්පූර්ණ කර පහත සඳහන් ලියකියවිලි සමඟ ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.
(අ) ආදාහනාගරය/සුසාන භුමිය සඳහා වන අයදුම්පත
ආදාහනාගාරය වෙන්කරවා ගැනීමේදී පහත සදහන් මරණ සහතික ආකෘති පත්‍ර මගින් පමණක් මෘත දේහ ආදාහනය සඳහා භාර ගැනීම සිදු කරනු ලබයි.
- B18 ආකෘති පත්‍රය
- B16 ආකෘති පත්‍රය
- B20 ආකෘති පත්‍රය
- B17 ආකෘති පත්‍රය
- B12 ආකෘති පත්‍රය
ඉහත B12, B16, B17 හා B20 දරණ ආකෘතී මගින් මරණය සනාථ කරන තාවකාලික සහතික නිකුත්කර ඇති අවස්ථාවකදී, ආදාහනාගාරය වෙන් කිරීමේ අයදුම් පතට අමතරව ඒ සදහා වු අමතර අයදුම්පතක්, ඉල්ලිම් ලිපියක් ද සමග භාර ගනු ලබන අතර, මුල් මරණ සහතිකයේ පිටපත පසුව සභාව වෙත ඉදිරිපත් කල යුතුය.
සම්පුර්ණ කරන ලද අයදුම්පත සමග මරණ සහතිකයේ පිටපත් 01ක් ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.
(ආ) මියගිය තැනැත්තාගේ මරණ සහතිකය. (විදේශයක දී මියගිය තැනැත්තකු සම්බන්ධයෙන් වන විට, එම රටේ දී නිකුත් කළ මරණ සහතිකය – ඉංග්‍රීසි භාෂාව නොවන වෙනත් භාෂාවකින් එම සහතිකය ලියා ඇත්නම්, එහි ඉංග්‍රීසි පරිවර්තනයක් සමග)
(ඇ) මියගිය අයගේ ජාතික හැඳුනුම්පතේ පිටපත (ඇත්නම්)
(ඈ) ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපත. (පරීක්ෂා කර බැලීමට මුල් පිටපත ඉදිරිපත් කළ යුතු ය)
මරණ සහතිකයේ මුල් පිටපත (මරණ සහතිකයේ ආදාහනාගාරයේ නම -“ ඉමදුව මාවැල්ල ආදාහනාගරය” ලෙස සදහන් කර තිබිම අනිවාර්යය වේ.)
- ගාස්තුව
සභාව විසින් කලින් කල තීරණය කරනු ලබන ගාස්තුවක් ගෙවිය යුතු ය.
ආදාහනාගාර සේවාව සැපයීම සඳහා අය කිරීම.
ආදාහනාගාර සේවාව සැපයීම සඳහා අය කිරීම පහත පරිදි වේ. (2026 වර්ෂය සදහා බලපැවැත්වෙන මිල ගණන්)
ආදාහනය සඳහා වෙන්කරගන්නා වෙලාව | බල ප්‍රදේශය තුළ ගාස්තුව රු. | බල ප්‍රදේශයෙන් පිටත ගාස්තුව රු. |
පෙ.ව. 11.00 | 9,000.00 | 9,500.00 |
ප.ව. 02 .00 – ප.ව. 04.00 | 10,000.00 | 12,000.00 |
ප.ව. 06.00 | 12,000.00 | 12,500.00 |
- ආදාහනය සඳහා වෙන්කරගන්නා වෙලාවට විනාඩි 15කට පෙර ආදාහනාගාරය වෙත දේහය රැගෙන යැමට කාරුණික වන්න.
ක්‍රීඩාපිටි වෙන් කරවා ගැනීම.
ප්‍රදේශයේ ක්‍රීඩා කටයුතු, සැණකෙළි සහ විවිධ බහුකාර්ය උත්සව පැවැත්වීම සඳහා පහත ක්‍රීඩාංගණ සහ භූමිය සහනදායී මිල ගණන් යටතේ වෙන්කරවා ගත හැක.
- ක්‍රීඩාංගනය වෙන් කිරීම සඳහා අදාළ අයදුම්පත සම්පූර්ණ කර ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.
- ක්‍රීඩා පිටි නැවත සභාව වෙත භාර දීමේදී එම ක්‍රීඩා පිටිවල කැලි කසළ ඉවත්කර පිරිසිදු කොට නැවත භාරදීය යුතුය.
සම්පූර්ණ ක්‍රීඩාංගනය වෙන්කිරීමේ ගාස්තු විස්තර (දිනකට)
| ක්‍රීඩාංගණය / ස්ථානය | දිනක ගාස්තුව | ඇප තැන්පතුව (ආපසු ගෙවන) |
| බෝගහගොඩ යෝජිත සතිපොළ භූමිය | රු.15,000.00 | රු. 10,000.00 |
| ගුරුල්ලවල ක්‍රීඩාංගණය | රු. 10,000.00 | රු. 5,000.00 |
| පොල්හේන ක්‍රීඩාංගණය | රු. 10,000.00 | රු. 5,000.00 |
( දේපල හා උපකරණ වලට හානියක් සිදුවුවහොත් තක්සේරැ කරන අලාභය ගෙවිය යුතුය.)
අනුගමනය කළ යුතු උපදෙස් සහ කොන්දේසි:
අයදුම්පත: ක්‍රීඩාංගණය වෙන්කිරීම සඳහා අදාළ නිල අයදුම්පත සම්පූර්ණ කර ඉමදුව ප්‍රාදේශීය සභාව වෙත භාර දිය යුතුය.
පිරිසිදුකම: ක්‍රීඩා පිටිය නැවත සභාව වෙත භාර දීමේදී, එහි ඇති සියලුම කැලි කසළ ඉවත් කර පිරිසිදු කොට භාරදීම අනිවාර්ය වේ.
දේපල හානි: ක්‍රීඩාංගණයේ දේපල හා උපකරණ වලට යම් හානියක් සිදුවුවහොත්, ඒ සඳහා නියමිත තක්සේරු අලාභය ගෙවීමට බැඳී සිටිය යුතුය.
ඇප තැන්පතු: ක්‍රීඩා පිටිය නිසි පරිදි පිරිසිදු කර හානියකින් තොරව භාරදීමෙන් පසු ආරක්ෂිත ඇප තැන්පතු මුදල් නැවත ලබාගත හැක.
වෙන්කරවා ගැනීම් සඳහා:
ඔබේ උත්සවයට අවශ්‍ය දිනය වෙන් කරවා ගැනීමට හෝ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට කාර්යාල වේලාවන් තුළ අප හා සම්බන්ධ වන්න.
📞 දුරකථන: 0912286375
🏢 ස්ථානය: ප්‍රධාන කාර්යාලය, ඉමදුව ප්‍රාදේශීය සභාව.
📄 අයදුම්පත බාගත කරන්න: [Download Application Button]
ජල බවුසරය රැගෙන ගොස් ජලය ලබා දීම
ප්‍රදේශයේ ජනතාවගේ පානීය සහ අනෙකුත් ජල අවශ්‍යතා සඳහා සහනදායී මිල ගණන් යටතේ ජල බවුසර් සහ ජල ටැංකි ලබාදීමේ සේවාව දැන් අප සභාව හරහා ක්‍රියාත්මක වේ.
ජල බවුසර් ගාස්තු විස්තර
| සේවාව ( බල ප්‍රදේශය තුල) | ගාස්තුව |
| ලීටර් 4700 ජල බවුසරය (ප්‍රවාහනය සහ ජලය සහිතව) | රු. 6,000.00 |
| ලීටර් 3700 ජල බවුසරය (ප්‍රවාහනය සහ ජලය සහිතව) | රු. 5,000.00 |
| විශේෂ අවමගුල් සේවා ගාස්තුව (ඉමදුව බල ප්‍රදේශය තුළ – 3700L) | රු. 2,500.00 |
| බවුසරය රඳවා ගැනීමේ ගාස්තුව (දිනකට) | රු. 1,000.00 |
බල ප්‍රදේශයෙන් පිටත ප්‍රවාහනය:
ඉමදුව බල ප්‍රදේශයෙන් බැහැරව ජල බවුසරය රැගෙන යන්නේ නම්, සීමාවෙන් පිටත එක් කිලෝමීටරයක් (01 km) සඳහා රු. 350.00 ක අමතර ප්‍රවාහන ගාස්තුවක් අය කරනු ලැබේ.
(බවුසරයට යම් හානියක් වුවහොත් අදාල අලාභය අයකරනු ලැබේ.)
ජල ටැංකි වෙන් කරවා ගැනීම.
උත්සව සහ වෙනත් අවශ්‍යතා සඳහා ජල ටැංකි ලබාගත හැක.
දිනක කුලිය: රු. 500.00
ආපසු ගෙවන ඇප තැන්පතුව: රු. 1,000.00
(සටහන: ටැංකිය රැගෙන යාම සහ නැවත භාරදීම පාරිභෝගිකයා විසින් සිදු කළ යුතුය.)
විශේෂ කොන්දේසි:
හානි පූරණය: ජල බවුසරයට හෝ ටැංකියට යම් හානියක් සිදුවුවහොත්, ඒ සඳහා නියමිත තක්සේරු අලාභය ගෙවීමට බැඳී සිටිය යුතුය.
වෙන්කිරීම: ඔබගේ අවශ්‍යතාවය අනුව කල්තබා කාර්යාලය හා සම්බන්ධ වී වෙන්කරවා ගන්න.
යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ වෙන් කරවා ගැනීම.
ඉමදුව ප්‍රාදේශීය බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සහ පෞද්ගලික අවශ්‍යතා සඳහා අවශ්‍ය පහත යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ සහනදායී මිල ගණන් යටතේ වෙන්කරවා ගත හැක.
වෙන්කරවා ගන්නේ කෙසේද?
ප්‍රාදේශීය සභා කාර්යාලයට පැමිණ අදාළ වෙන්කිරීමේ පෝරමය ලබාගන්න.
අදාළ සේවා ගාස්තු සහ ඇප තැන්පතු ගෙවා රිසිට්පත ලබාගන්න.
ඔබ වෙන්කරගත් දිනයට යන්ත්‍ර සූත්‍ර/උපකරණ ලබාගැනීම තහවුරු කරගන්න.
📞 වැඩිදුර විමසීම්: 0912286375
🏢 ස්ථානය: ප්‍රධාන කාර්යාලය, ඉමදුව ප්‍රාදේශීය සභාව.
1. ට්‍රැක්ටර් රථය කුලියට ලබාදීම
සේවා කාලය: පැය 08 ක් සඳහා.
මූලික ගාස්තුව: රු. 10,000.00
අමතර ගාස්තු: පැය 08 ඉක්මවන සෑම පැයකටම රු. 1,250.00 බැගින් අය කෙරේ.
විශේෂ පහසුකම්: රියදුරු සහ ඉන්ධන සභාව විසින් සපයනු ලැබේ.
2. ටිපර් රථය කුලියට ලබාදීම
සේවා කාලය: පැය 08 ක් සඳහා.
මූලික ගාස්තුව: රු. 30,000.00
අමතර ගාස්තු: පැය 08 ඉක්මවන සෑම පැයකටම රු. 3,750.00 බැගින් අය කෙරේ.
විශේෂ පහසුකම්: රියදුරු සහ ඉන්ධන සභාව විසින් සපයනු ලැබේ.
3. බැකෝ යන්ත්‍ර සේවාව
පැයක සේවා ගාස්තුව: රු. 5,500.00
සීමාවන්: * සභා ප්‍රධාන කාර්යාලයේ සිට 2km ඇතුළත නම් අවම වශයෙන් පැය 01ක කාලයක් සඳහා වෙන් කළ හැක.
2km සීමාවෙන් පිටත ප්‍රදේශ සඳහා අවම වශයෙන් පැය 02ක කාලයකට යටත්ව සේවාව වෙන්කරවා ගත යුතුය.
4.ගල්රෝල සේවා ගාස්තු
මාර්ග සංවර්ධන සහ ඉදිකිරීම් කටයුතු සඳහා අප සභාව සතු ගල්රෝල දැන් කුලී පදනම මත ලබාගත හැක.
| සේවා කාලය | ගාස්තුව | සටහන |
| පැය 08 ක කාලයක් සඳහා | රු. 18,000.00 | රියදුරු සහිතව / ඉන්ධන නොමැතිව |
| අමතර සෑම පැයකටම | රු. 2,000.00 | දිස්ත්‍රික් මිල ගණන් අනුව විචල්‍ය වේ |
විශේෂ උපදෙස්:
ඉන්ධන: මෙම සේවාව සඳහා අවශ්‍ය ඉන්ධන පාරිභෝගිකයා විසින් සැපයිය යුතුය. (රියදුරු සභාව විසින් සපයනු ලැබේ.)
අමතර ගාස්තු: පැය 8 ඉක්මවා සේවාව ලබාගන්නා සෑම පැයකටම රු. 2,000.00 බැගින් අමතර ගාස්තුවක් අය කරනු ලබන අතර, එය දිස්ත්‍රික් මිල ගණන් අනුව වෙනස් විය හැක.
ප්‍රවාහනය: ගල්රෝල වැඩබිම වෙත ප්‍රවාහනය කරගැනීම සම්බන්ධයෙන් කාර්යාලය හා සම්බන්ධ වී උපදෙස් ලබාගන්න.
5. G.I. බට කුලියට ලබාදීම
ජි. අයි. බටයක් සදහා 50.00
- ආරක්ෂිත ඇප තැන්පතුව ජි. අයි. බට 50 ක් දක්වා (ආපසු ගෙවන) 2,000.00
- ආරක්ෂිත ඇප තැන්පතුව ජි. අයි. බට 50ට වැඩි (ආපසු ගෙවන) 3,000.00
( ප්‍රවාහන පහසුකම් සපයනු නොලැබේ.)

