“කාර්යක්ෂම හා සුහදශීලී සේවාවක් ලබාදීම තුලින් ප්‍රාදේශීය පරිපාලනයේ විශිෂ්ටතම සේවා සපයන්නා බවට පත්වීම.”
”පළාත් පලාන ආයතනයක් වශයෙන්, ඉමදුව ප්‍රාදේශීය සභාව එම බල ප්‍රදේශය තුළ මං මාවත්, මහජන සෞඛ්‍ය හා වෙනත් උපයෝගීතා සේවාවන් සැලසීමේදී මහජනතාවගේ සුඛ විහරණ පහසුව හා සුබසාධනය ඇතිකරනු වස්, එකි සේවාවන් නිසි පරිදි සැලසුම්කොට ක්‍රියාත්මක කිරීමෙන් ද, ප්‍රදේශයේ ජන ජීවිතය නගා සිටුවීම සදහා ක්‍රියාකිරීමෙන්ද මෙම ප්‍රදේශයේ පවතින භෞතික හා මානව සම්පත් කළමනාකරණය කිරීමද මෙම ප්‍රාදේශීය සභාවේ මෙහෙවර වේ.”
2006 පැවැති පළාත් පාලන මැතිවරණයෙන් සිදු කල නව ප්‍රාදේශීය සභා ස්ථාපිත කිරීම යටතේ හබරාදුව ප්‍රාදේශීය සභාවෙන් වෙන්ව 2006 අප්‍රේල් 15 දින ඉමදුව ප්‍රාදේශීය සභාව ස්ථාපනය කරන ලදී.
කලින් පැවති හබරාදුව ප්‍රාදේශීය සභාව ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ජනගහනයක් අයත් පළාත් පාලන ආයතනය වූයෙන් ඉමදුව කොට්ඨාසයේ ජනතාවට ප්‍රාදේශීය සභා සේවා ලබා ගැනීමේදී දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු විය. ඉමදුව ප්‍රාදේශීය සභාව ස්ථාපිත කිරීමත් සමඟම බල ප්‍රදේශයේ ජනතාවට වඩාත් හොඳ සේවයක් සපයමින් සංවර්ධනය කිරීම වේගවත් කිරීමට උර දී සිටී.
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ නියමයන්ට අනුව පැවරී ඇති බලතල ප්‍රකාරව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කොට ස්ථාපනය කරන ලද නව ප්‍රාදේශීය සභාවකි ඉමදුව ප්‍රාදේශීය සභාව.
හබරාදුව මැතිවරණ කොට්ඨාශය යටතේ ස්ථාපිත මෙම සභාවේ නිල නාමය නිල කාලය සභාපති උප සභාපති ඇතුළුව පත් කර ගතයුතු සභිකයින් සංඛ්‍යාව සභාවට අයත් ග්‍රාම නිලධාරි වසම් පිළිබදව හා සභාවේ පරිපාලන සීමාවන් නියම කරමින් 2005 දෙසැම්බර් මස 01 වන දින අංක 1421/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇත.
2006 වර්ෂයේ සිට නව ප්‍රාදේශීය සභා ස්ථාපිත කිරීමට පෙර ගාල්ල දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන 18 න් හබරාදුව ප්‍රාදේශීය සභාව විශාලත්වයෙන් 9 වන ස්ථානය ගෙන තිබුණත් වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රාදේශීය සභා අතරින් ප්‍රථම ස්ථානයට පැමිණ තිබුණි. (2001 ජන සංගණන වාර්තා මත)
එවකට පැවැති හබරාදුව ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය පුස්තකාල පෙර පාසල් ආදී සේවා සපයන ආයතන වලින් වැඩි ප්‍රමාණයක් හබරාදුව නගරය කේන්ද්‍රගතව පිහිටා තිබීමෙන් බල ප්‍රදේශයේ උතුරු ප්‍රදේශයේ වෙසෙන ජනතාවට සේවා ලබා ගැනීමේ නොහැකියාව මෙයට හේතු විය.
බල ප්‍රදේශයම නියෝජනය වන පරිදි මහජන නියෝජිතවරු පත්ව සිටියත් තම තමන්ගේ කොට්ඨාශවල ජනතාවට පැවැති මෙම දුෂ්කරතාවන්ට විසදුම් ලබා දීමට ඔවුන්ට නොහැකි විය.
හබරාදුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත්ව තිබූ ග්‍රාම නිලධාරි වසම් 102 න් උතුරු දිශාවෙහි පිහිටි ග්‍රාම නිලධාරි වසම් 43ක් වෙන් කර 2006 අප්‍රේල් මස නව පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීම යටතේ ඉමදුව ප්‍රාදේශීය සභාව ආරම්භ විය. එහි ප්‍රධාන කාර්යාලය ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල ඉමදුව නගරයට ආසන්නව පිහිටු වීමෙන් ජනතාවට ඉතා හොද සේවයක් ලබා දීම මෙන්ම සාර්ථක ප්‍රාදේශීය පාලනයක් පවත්වා ගැනීමට වත්මන් සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයට හැකියාව ලැබී ඇත.
ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් බව පෙනී යන්නේ ගැමි වහරේ එන ඇතැම් කතන්දර මීට සාක්ෂි දරන නිසාය. ඒ ජනප්‍රවාද අතරින් මෙම ප්‍රදේශය දූවවලින් වට වූ නිසා ඉමදුව වූ බව ඇතැමෙක් පවසන අතර ඉම නම් දුව මෙය සොයා ගත් නිසා ද ඉමදුව ලෙස නම් ලැබී ඇති බව පැරැන්නන්ගේ මතයයි.
මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකට අයත් පරගොඩ රජ මහා විහාරය හා බැඳුණු නිධාන කථාව දෙවනපෑතිස් රජ දවස දක්වා දිව යයි.එනම් දෙවනපෑතිස් රජතුමා විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර වූ දෙතිස්ඵල බෝධීය රැගෙන පැමිණි අවස්ථාවේ ගමන් විඩාව මගහරවා ගැනීමට පරගොඩ රජමහ විහාරස්ථානය පිහිටි ස්ථානයේ රැඳි සිටි බවත් රැගෙන ආ බෝධී අංකුරය ගොඩපර ගසක් යට තැබීමෙන් පසු අද්දවා ඇති එම බොධීය පරගොඩ රජමහ විහාරයේ ඇති බවත් ජනප්‍රවාදයේ එයි.
එසේම මෙම ප්‍රදේශයේ යුව රජවරු, සෙන්පතිවරු වාසය කල භූමියක් බවත් ජනවහරේ එයි. මේ නිසා ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් බොහෝ ග්‍රාම නිලධාරී වසම් ඓතිහාසික වශයෙන් වැදගත් වේ.
ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ වෙරළබඩ තැන්නට අයත් ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු සීමාවේ ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පිහිටා ඇත.
ඉමදුව ප්‍රාදේශීය සභාව
මායිම් වන සාපේක්ෂ පිහිටීමක් ඇත.
ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නිරපේක්ෂ පිහිටීම
ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විශාලත්වය ව.කි.මී.59.5 ( හෙක්ටයාර් 5950 ) කි. එනම් ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සීමාවට අයත් භූමි ප්‍රමාණයම වේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ මුලු භූමි ප්‍රමාණයෙන් 4% ක් තුළ ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ව්‍යාපත්ව ඇත. දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය සභා සමඟ සසඳා බලන විට විශාලත්වයෙන් 13 වන ස්ථානයේ ලා සැලකිය හැකිය.
ග්‍රාම නිලධාරී වසම් 43කින් යුත් ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ භූමි ප්‍රමාණය වසම් අනුව බෙදී ඇති ආකාරය පහත ආකාරය පහත ආකෘතිය මඟින් පෙන්නුම් කරයි.
| කොට්ඨාස අංකය | කොට්ඨාසයේ නම | අදාළ ග්‍රාම නිළධාරී වසම් |
| 01 | බැදිපිට | කබරගල 153D, |
| 02 | කෝඹල | කෝඹල 174 , ඉහල කෝඹල 174 C, මායාකඩුව 174 A, පිටුවලහේන 174 D, වතවන 173 C |
| 03 | ඉමදුව | ඉමදුව 172 , දීගොඩ 173 A, දීගොඩ අතිරේකය 173 B, ඉමදුව අතිරේකය 172 A, පරගොඩ 173 |
| 04 | දික්කුඹුර | දික්කුඹුර 165 , පණුගල්ගොඩ 165 B, ඉහල මාවැල්ල 175 D, පහල මාවැල්ල 175 A |
| 05 | තිත්තගල්ල | තිත්තගල්ල නැගෙනහිර 166 , තිත්තගල්ල බටහිර 166 A , අම්පාවිල 166 D, හවුපේ උතුර 175 B, හවුපේ දකුණ 175 , ගොඩඋඩ මණ්ඩිය 175 C |
| 06 | දොරපෙ | දොරපෙ 153 , රංගොඩ 153B, පැලවත්ත 154 C, අඟුළුගහ 154, වැලිකොන්ද 153C |
| 07 | කහඳ | කහඳ 167 , කහඳ අතිරේක 167 A, පොල්හේන 154 B |
| 08 | ඉඳුරන්නාවිල | ඉඳුරන්නාවිල 165 A, අටානිකිත 166B |
| 09 | අන්දුගොඩ | අන්දුගොඩ 170 , ඇල්ලලගොඩ 170A, කළුගලගොඩ 171 B, මලල්ගොඩපිටිය 171 |
| 10 | කෝදාගොඩ | කෝදාගොඩ දකුණ 169 , කෝදාගොඩ නැගෙනහිර 171 A, හෙට්ටිගොඩ 169 A, හොරදුගොඩ 168 |