ඉමදුව ප්‍රාදේශීය සභා බහු කාර්යය ගොඩනැගිල්ල
වැඩිදුර තොරතුරු

ඉමදූව ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය වෙත
ඔබ සාදරයෙන් පිළිගනිමු.

අපගේ නිවේදන

ටෙන්ඩර් දැන්වීම් සහ ප්‍රසම්පාදන ලංසු කැදවීම් නිවේදන

ඉමදුව වෙළඳ සංකීර්ණයේ කඩ කාමර අංක 02,04 වාර්ෂිකව බදු දීම

2026/06/08 - 2026/06/23 වන දින ප.ව 2.00 දක්වා මුද්‍රා තබන ලංසුපත් භාරගනු ලැබේ.

අවමංගල්‍ය උත්සව ශාලා ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය සදහා ලංසු කැදවීම​

2026/06/17 වන දින ප.ව 2.00 දක්වා මුද්‍රා තබන ලංසුපත් භාරගනු ලැබේ.

අපගේ නිවේදන

නිවේදන

sundara hetak lassana imaduwa
online_payments_imaduwa_ps
Imaduwaps_govpay
වඩා හොඳ හෙටක් සඳහා අපගේ සේවය.

අපගේ සේවාවන්

ගොඩනැගිලි සැලැස්ම අනුමත කිරීම​

වෙළඳ බලපත්‍ර ලබා ගැනීම

පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම​​

වීදි පහන් නඩත්තු කිරීම​

වරිපනම් බදු ගෙවීම​

ව්‍යාපාර සහ කාර්මික බලපත්‍ර ලබා ගැනීම​

ජනගහනය
0 +
ග්‍රාම නිලධාරී වසම්
0
භූමි ප්‍රමාණය
0 km²
කොට්ඨාස
0
ඉමදුව ප්‍රාදේශීය සභාව

සභාපතිතුමාගේ පණිවුඩය​

“විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම මහජන සේවාවක් වෙනුවෙන් නව තාක්ෂණය සමඟ පෙරදැරිව…”

ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සහ ඔබ සැම වෙනුවෙන් වඩාත් සුහදශීලී, ගුණාත්මක සේවාවක් සැපයීම මාගේත්, අප සභාවේත් මූලික අරමුණ සහ වගකීමයි.

වර්තමාන ඩිජිටල් ලෝකය සමඟ අත්වැල් බැඳගනිමින්, සභාවේ සේවාවන් වඩාත් විනිවිදභාවයකින් යුතුව ඔබ වෙත සමීප කිරීමට අප මෙම නිල වෙබ් අඩවිය නිර්මාණය කර ඇත. මේ හරහා සභාවේ සියලුම සේවාවන් පිළිබඳ තොරතුරු, ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති සහ වැදගත් නිවේදන ඉතා පහසුවෙන් සහ කඩිනමින් ලබාගැනීමට ඔබට අවස්ථාව සැලසේ.

අපගේ ප්‍රදේශය තිරසාර සහ ආදර්ශමත් සංවර්ධනයක් කරා රැගෙන යන ගමනේදී ඔබ සැමගේ ක්‍රියාකාරී දායකත්වය සහ වටිනා යෝජනා ද මම ඉතා අගය කොට සලකමි. ඔබ සැමට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරමි!

                                                     ලහිරු හෙට්ටිආරච්චි,
                                                               සභාපති,

                                                   ඉමදූව ප්‍රාදේශීය සභාව.

chairmanIPS

ලේකම්තුමියගේ පණිවුඩය

“අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ඉමදූව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ වසන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් කැපවූ සුහදශීලී සේවාවක් සැපයීම මාගේ මූලික අරමුණයි.

ශීඝ්‍රයෙන් දියුණු වන ලෝකය හමුවේ, භෞතික හා මානව සම්පත් කළමනාකරණය සඳහා තොරතුරු තාක්ෂණය උපරිමයෙන් භාවිත කරමින්, සභාව මගින් ඉටු කරනු ලබන සියලුම මූලික සේවාවන් වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායීව මහජනතාව වෙත සමීප කිරීම මාගේත්, මාගේ කාර්ය මණ්ඩලයේත් අපේක්ෂාවයි. ඒ තුළින් මහජන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ඉතා කෙටි කාලයකදී, වඩාත් පහසුවෙන් එම සේවාවන් ලබා දීමට අපි ඇපකැප වී සිටිමු.”

                                           ඩි.එස්.කේ.කෞශල්‍යා ගුණසේකර
                                                                 ලේකම්,
                                                    ඉමදූව ප්‍රාදේශීය සභාව.

imaduwa ps secretary
අපගේ නවතම පුවත්.

නවතම පුවත්

අපගේ ව්‍යාපෘති.

ව්‍යාපෘති

සුන්දර හෙටක් – ලස්සන ඉමදුවක් වෙනුවෙන් අපි එක්වෙමු!

සුන්දර හෙටක් – ලස්සන ඉමදුවක් වෙනුවෙන් අපි එක්වෙමු!

“පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2026

“පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2026

ඉමදුව ප්‍රාදේශීය සභාව
elgservicebanner
ඔබේ හඬ, අපේ ක්‍රියාව

අප හා සම්බන්ධ වන්න

Contact Form Demo