“පුනරුදයේ පුරවර – පළාත් පාලන සතිය” – ඉමදුව ප්‍රාදේශීය සභාව

2026 සැප්තැම්බර් 14

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” – පුනරුදයේ පුරවර පළාත් පාලන
සතියෙහි සමාරම්භය සනිටුහන් කරමින් අද දින උදෑසන ඉමදුව ප්‍රාදේශීය සභා කාර්යායීය පරිශ්‍රයේදී , ගරු සභාපතිතුමන් වන ළහිරු හෙට්ටිආරච්චි මැතිතුමන්ගේ, ගරු මන්ත්‍රී මණ්ඩලයේ , ප්‍රාදේශීය ලේකම් නිහාරා වෙත්තසිංහ මැතිණියගේ, ඉමදුව පොලිස් ස්ථානාධිපතිතුමන්ගේ, ඉමදුව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිතුමියගේ , ඉමදුව ප්‍රාදේශීය සභා ලේකම් කෞශල්‍යා ගුණසේකර මැතිණියගේ හා නිලධාරි හා කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් කෙටි සමාරම්භක උත්සවයක් පැවැත්විණි!

පුනරුදයේ පුරවර – පළාත් පාලන සතියට සමගාමී මුල්ම වැඩසටහන ලෙස ඉමදුව හා බෝගහගොඩ නගර ආශ්‍රිතව හිඟ ආදායම් රැස් කිරීමේ ජංගම සේවාව හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම ඩෙංගු මර්දනය උදෙසා පරීක්ෂාවන් සිදුවූ ආකාරය!

2026 සැප්තැම්බර් 15

“පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය වෙනුවෙන් මහජන උපයෝගිතා දිනය පාදකව ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණය වෙමින් පවත්වන ලද ජංගම සේවා වැඩසටහන , බෝගහගොඩ – ශ්‍රී දොරපේ පරමානන්ද විහාරස්ථානයේදී ඉතාමත් සාර්ථකව පැවැත්විණි.
 
මෙම වැඩසටහන සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් ගරු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැතිතුමන්, ඉමදුව ප්‍රාදේශීය සභා ගරු සභාපති ළහිරු හෙට්ටිආරච්චි මැතිතුමන්, ගරු උපසභාපතිනි නිශාධා කල්පනී මැතිණිය ඇතුළු මන්ත්‍රීතුමන්ලා, ඉමදුව ප්‍රාදේශීය ලේකම් නිහාරා වෙත්තසිංහ මැතිණිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ප්‍රමුඛව නිලධාරී හා කාර්ය මණ්ඩලය
සහභාගීව සිටියහ.
 
මෙහිදී ඉමදුව ප්‍රාදේශීය සභාවෙන් සැපයෙන සේවාවන් , රියදුරු බලපත්‍ර, ජාතික හැඳුනුම්පත්, සිවිල් ලියාපදිංචි සේවා, සමාජ ආරක්ෂණ, කෘෂිකර්ම, සෞඛ්‍ය, සමෘද්ධි, වෘත්තීය පුහුණු හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සැපයෙන සේවාවන් , ජනතාවට පහසුවෙන් ලබාදීමට කටයුතු කරන ලදී.
 
මෙහිදි ජනතාවගේ ගැටලු හඳුනාගෙන අදාළ පැමිණිලි නිරීක්ෂණයට ලක් කරමින්, කඩිනම් විසඳුම් ලබාදීම සඳහාද අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සුවිශේෂී විය.
 
මෙම වැඩසටහන සදහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සම්බන්ධ වූ අතර, ඔවුන් වෙත කාර්යක්ෂම හා පහසු රාජ්‍ය සේවාවක් සැපයීම මෙහි ප්‍රධාන අරමුණ විය.

2026 සැප්තැම්බර් 15

පුනරුදයේ පුරවර – පළාත් පාලන සතිය 2026ට සමගාමීව සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය වෙනුවෙන්, ඉමදුව ප්‍රාදේශීය සභා ගරු සභාපති ළහිරු හෙට්ටිආරච්චි මැතිතුමන්ගේ සංකල්පයකට අනුව හා මග පෙන්වීම යටතේ ගර්භණී මාතාවන් සඳහා විශේෂ දේශනයක් හා රසවින්දනාත්මක වැඩසටහනක් සංවිධානය කෙරිණි!
 
මෙම අවස්ථාව සඳහා ඉමදුව ප්‍රාදේශීය සභා ගරු මන්ත්‍රී එරංග කොඩිතුවක්කු මැතිතුමන්, ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රමිල් හෙට්ටිආරච්චි මහතා, ඉමදුව ප්‍රාදේශීය සභා ලේකම් කෞශල්‍යා ගුණසේකර මහත්මිය, ඉමදුව ප්‍රාදේශීය සභා ප්‍රජා සංවර්ධන නිලධාරී අමිල හේමාල් මහතා , බටේමුල්ල ජාතික පාසලේ දන්ත චිකිත්සකවරිය වන කේෂලා මහත්මිය, ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ හෙද සොහොයුරිය ප්‍රමුඛව සියලුම පවුල් සෞඛ්‍ය නිලධාරීතුමියන්, ඉමදුව ප්‍රාදේශීය සභා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය සහභාගි විය.
 
නිරෝගී දරු සම්පත් බිහි කිරීම වෙනුවෙන් අවශ්‍ය දැනුවත් කිරීම් මෙන්ම මනස සුවපත් කිරීම සඳහා රසවින්දනයේ අවශ්‍යතාවය ද පැහැදිලි කිරීම මෙහිදී සිදු වූ අතර, පෝෂණීය සංග්‍රහයක් මෙන්ම එම මව්වරුන් සඳහා තිළිණයක් ලබා දීමද ඉමදුව ප්‍රාදේශීය සභාව විසින් සිදු කෙරිණි.
 
“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය 2026ට සමගාමීව සාහිත්‍ය , අධ්‍යාපන පුස්තකාල හා ක්‍රීඩා ප්‍රවර්ධන දිනය වෙනුවෙන් ඉමදුව ප්‍රාදේශීය සභා ගරු සභාපතිතුමන් වන ළහිරු හෙට්ටිආරච්චි මැතිතුමන්ගේ මග පෙන්වීම අනුව සිදු කරන ලද “ශ්‍රී ලංකීය ජීවන රටාව හා බැඳුනු අපේ ආහාර කතිකාවත”, රත්නදීප රස පියස කළමනාකරු, දේශීය ව්‍යවසායක රොබින් සංඛ මහතාගේ සම්පත්දායකත්වයෙන් අද දින ඉමදුව ප්‍රාදේශීය සභා බහු කාර්ය ගොඩනැගිලි ශ්‍රවණාගාර පරිශ්‍රයේදී ඉතාමත් සාර්ථකව පැවැත්විණි.
 
මේ සඳහා ඉමදුව ප්‍රාදේශීය සභා පෙරපාසල් දරුවන්ගේ දෙමාපියන් හා පුස්තකාල පාඨක සමාජයේ සාමාජිකයින් හා දෙමාපියන් විශාල පිරිසක් සහභාගිව සිටියහ.
 
අතීතයේ පැවති ජීවන රටාව හා ආහාර රටාවන් පිළිබඳවත් , වර්තමානයේ පවත්නා විස සහිත ආහාර පාන වලින් හැකිතාක් දුරස්ව, පෝෂදායී ආහාර රටාවන් කෙරෙහි යොමු වෙමින් නිරෝගීමත් දරු පරපුරක් නිර්මාණය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම මෙහිදි සිදුවිය.

පළාත් පාලන සතිය – 2026ට සමගාමීව සාහිත්‍ය , අධ්‍යාපන, පුස්තකාල ප්‍රවර්ධන දිනය වෙනුවෙන් ඉමදුව ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කළ අන්තර් පුස්තකාල චිත්‍ර තරඟය සඳහා වයස් කාණ්ඩ මට්ටමින් දරුවන් සහභාගී වූ අයුරු

පළාත් පාලන සතිය – 2026, “පරිසර හා රුක්‍ රෝපණ දිනය”ට සමගාමීව ඉමදුව ප්‍රාදේශීය සභාව විසින් මාවැල්ල ආදාහනාගාර ප්‍රවේශ මාර්ගය දෙපස අලංකරණය සඳහා පැළ සිටුවීමට කටයුතු කළ ආකාරය 
 
මෙම අවස්ථාව සඳහා ඉමදුව ප්‍රාදේශීය සභා ගරු සභාපති , ළහිරු හෙට්ටිආරච්චි මැතිතුමන්, ලේකම්තුමිය වන කෞශල්‍යා ගුණසේකර මහත්මිය, ප්‍රජා සංවර්ධන නිලධාරී අමිල හේමාල් මහතා ඇතුළු නිලධාරීන් හා කාර්ය මණ්ඩලය සහභාගී විය!
පුනරුදයේ පුරවර – පළාත් පාලන සතියේ සමාප්තිය සනිටුහන් කරමින් ඊයෙ දින (2026.09.19) ඉමදුව ප්‍රාදේශීය සභා බහු කාර්ය ගොඩනැගිලි ශ්‍රවණාගාර පරිශ්‍රයේදී සමාප්ති උත්සවය හා ත්‍යාග ප්‍රදානය සිදු විය.
 
මෙහිදී ඉමදුව ප්‍රාදේශීය සභා අන්තර් පුස්තකාල චිත්‍ර තරඟාවලියෙන් ජයග්‍රහණ ලබාගත් දූ දරුවන්ට මෙන්ම ක්‍රිකට් තරඟාවලියෙන් ජය ලැබූවන්ට කුසලාන , සහතික පත් හා ත්‍යාග ප්‍රදානය ඉමදුව ප්‍රාදේශීය සභා ගරු සභාපති , ළහිරු හෙට්ටිආරච්චි මැතිතුමන්ගේ, ලේකම් කෞශල්‍යා ගුණසේකර මහත්මියගේ, ප්‍රජා සංවර්ධන නිලධාරී අමිල හේමාල් මහතාගේ හා ඉමදුව පුස්තකාලයාධිපතිනි ගීතිකා අබේසිංහ මහත්මියගේ සුරතින් සිදුවිය.