ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහජනතාව වෙත සේවා සැලසීමේ අරමුණින් ඉදිකෙරෙන නව මහජන අවමංගල්‍ය ශාලාවට මුල් ගල් තැබීමේ උත්සවය 2026.09.02 දින උදෑසන ධීවර හා ජලජ සම්පත් ගරු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය!
මෙම උත්සව අවස්ථාව සඳහා, ඉමදුව ප්‍රාදේශීය සභා ගරු සභාපතිතුමන් වන ළහිරු හෙට්ටිආරච්චි මැතිතුමන්, ගරු උපසභාපතිනි නිශාධා කල්පනී මැතිණිය ප්රමුඛ මන්ත්‍රී මණ්ඩලයත්, දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු මැතිතුමන්, සහකාර පළාත් පාලන කොමසාරිස් පසන් රාහුල මධුසංඛ මැතිතුමන්, දකුණු පළාත් ප්‍රධාන ඉංජිනේරු ජයනන්දන මැතිතුමන්, ඉමදුව සහකාර ප්‍රාදේශීය ලේකම් අමාලි අබේසේකර මැතිණිය, ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රමිල් හෙට්ටිආරච්චි මැතිතුමන්, ඉමදුව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිතුමන්, ඉමදුව ප්‍රාදේශීය සභා ලේකම් කෞශල්‍යා ගුණසේකර මැතිණිය ප්රමුඛ ඉමදුව ප්‍රාදේශීය සභා නිලධාරී හා කාර්ය මණ්ඩලයත් , වෙළෙඳ ප්‍රජාව සහ ප්‍රදේශවාසී ජනතාවත් සහභාගිව සිටියහ.