1. පරගොඩ රජමහා විහාරස්ථානය
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පරගොඩ රජ මහා විහාරය හා බැදුනු නිධාන කථාව දෙවනපෑතිස් රජ දවස දක්වා දිව යයි. එනම් දෙවනපෑතිස් රජතුමා විසින් ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුර වු දෙතිස්ඵල බෝධින් රැගෙන පැමිණි අවස්ථාවේ ගමන් විඩාව මඟහරවා ගැනීමට පරගොඩ රජමහා විහාරස්ථානය පිහිටි ස්ථානයේ රැඳී සිටි බවත්, රැගෙන ආ බෝධි අංකුරය ගොඩපර ගසක් යට තැබීමෙන් පසු මුල් අද්දවා ඇති එම බෝධිය පරගොඩ රජමහා විහාරයේ ඇති බෝධිය බවත් ජනප්රවාදයේ එයි.
2. ගණේගොඩ පුරාණ විහාරය
වසර 500 කට වඩා පැරණි බෝධීන් වහන්සේ නමක් මෙහී දැකිය හැක.
3. අන්දුගොඩ පුරාණ විහාරය
වසර 200 කට වඩා පැරණි පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් පැරණි බිතු සිතුවම් දැකිය හැක.
4. සන්දස්සනාරාමය, වැළිකොන්ද
වසර 300 කට වඩා පැරණි නුවර යුගයට අයත් බිතු සිතුවම් දැකිය හැක.
5. දිවෙලෙගොඩ පුරාණ විහාරය
පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් වසර 400 කට වඩා පැරණි දැව මුවා පිරිත් මණ්ඩපයක් දැකිය හැක.