“පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතියේ පළමු දිනය
———————————————
පළාත් පාලන සතියේ සමාරම්භක දිනයේ ඉමදුව ප්‍රාදේශීය සභාව විසින් බැදිපිට කොට්ඨාසයේ හටංගල ප්‍රජා ශාලාවේදී , වවුලුගල ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයේද සම්පත්දායකත්වය සහිතව ආයුර්වේද වෛද්‍ය සායනයක් පැවැත්වූ අතර එහිදී රුධිර පීඩන පරීක්ෂාවන්, රුධිර ගත සීනි හා කොලෙස්ටරෝල් පරීක්ෂාවන් මෙන්ම ඖෂධ ලබා දීම සිදුවිය.
තවද බැදිපිට ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් සඳහා Green Bag බෙදාදීම, ඉමදුව ප්‍රාදේශීය සභා ගරු සභාපති, ළහිරු හෙට්ටි ආරච්චි මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර එම අවස්ථාව සඳහා බැදිපිට කොට්ඨාස මන්ත්‍රීතුමන් වන දිනෙත් ලක්ෂාන් මහතා, ප්‍රජා සංවර්ධන නිලධාරී අමිල හේමාල් මහතා ඇතුළු ඉමදුව ප්‍රාදේශිය සභා නිලධාරින්ද සහභාගි විය.
මීට අමතරව ඩෙංගු උවදුර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම හා ඩෙංගු පරීක්ෂාවන්, මහජන පැමිණිලි ලබා ගැනීම් හා විමර්ශනය කිරීම්, මාර්ගය දෙපස එළි පෙහෙළි කිරීම ඇතුළු සේවාවන් රැසක් ඉමදුව ප්‍රාදේශිය සභා නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් සිදුවිය.
2025.09.15
පුනරුදයේ පුරවර – පළාත් පාලන සතිය 02 වන දිනය
දෙවන දිනයට අදාළව ගෘහස්ථ කොම්පෝස්ට් පොහොර නිශ්පාදනය සම්බන්ධයෙන් ඉමදුව ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම පරගොඩ ගොවිජන මධ්‍යස්ථාන නිලධාරිනි දිස්නා මහත්මිය විසින් සිදු කරන ලද අතර ඉන් අනතුරුව ගරු සභාපති, ළහිරු හෙට්ටිආරච්චි මැතිතුමන් ඇතුළු මන්ත්‍රී මණ්ඩලය විසින් කොම්පෝස්ට් පොහොර මලු බෙදා දීම සිදු කරන ලදි.
ඉන්පසු දිනයේ දෙවන අර්ධය වෙනුවෙන්, අන්දුගොඩ මැකිළියවල ජලාශ්‍රය ආශ්‍රිතව කුඹුක් පැළ සිටුවීමේ කටයුත්තද සභාපතිතුමන්, උප සභාපතිතුමිය ඇතුළු මන්ත්රීතුමන්ලාගේත් , ඉමදුව ප්‍රාදේශිය සභා නිලධාරින් හා කාර්ය මණ්ඩලයේත් සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව සිදු කෙරිණි!
2025.09.16
පුනරුදයේ පුරවර – පළාත් පාලන සතිය තෙවන දිනය
පළාත් පාලන සතියට අදාළ වැඩසටහන් මාලාවේ තෙවන දිනයේදී ගා/මලල්ගොඩ සිරි සීවලී ප්‍රාථමික විද්‍යාලයීය දූ දරුවන් කසළ කළමනාකරණය සඳහා හුරු කරවීමේ අභිලාෂයෙන් Green Bag බෙදා දීම, ඉමදුව ප්‍රාදේශීය සභා ගරු සභාපති, ළහිරු හෙට්ටිආරච්චි මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, අන්දුගොඩ කොට්ඨාස මන්ත්‍රී චන්දන සිසිර කුමාර මහතාගේත් , ඉමදුව ප්‍රාදේශිය සභා ප්‍රජා සංවර්ධන නිලධාරි අමිල හේමාල් මහතා ඇතුළු නිලධාරිනියන්ගේත් සහභාගිත්වයෙන් සිදු වූ අතර සවස් භාගයේ ඇදහැලුණු වැසි මධ්‍යයේ වුවද ඉමදුව නගර අලංකරණය සඳහා ශ්‍රමදාන කටයුත්තක් මෙන්ම වෙළෙඳ සංකීර්ණය ඉදිරිපස ප්‍රධාන මාර්ගය ආසන්නයේ පෝච්චි තබා මල් පැළ සිටුවීම ගරු සභාපතිතුමන්, චන්දන මන්ත්‍රීතුමන්, ඉමදුව ප්‍රාදේශීය සභා නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සිදුවිය.
2025.09.17
පුනරුදයේ පුරවර – පළාත් පාලන සතිය – 04 වන දිනය
අද දිනට නියමිතව පැවති ආදායම් ප්‍රවර්ධන දිනයට සමගාමීව ක්‍රියාත්මක වූ වරිපනම් තක්සේරුකරණය සඳහා වාර වාර්තා තොරතුරු ලබා ගැනීමේ කටයුතු අද දිනයේදී ඉමදුව ප්‍රාදේශීය සභා නිලධාරින් ප්රමුඛ කාර්ය මණ්ඩලය දායකත්වයෙන් දික්කුඹුර නගරයේදී ක්‍රියාත්මක විය.
තවද අන්තර් පුස්තකාල විවාද තරඟයේ මූලික වට තරඟ ද අද දින ඉමදුව ප්‍රාදේශීය සභා ප්‍රධාන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වුණු අතර,මේ සඳහා ඉමදුව,පොල්හේන හා කබරගල පුස්තකාල නියෝජනය කරමින් විවාද කණ්ඩායම් සහභාගි විය. ජයග්‍රාහී කණ්ඩායම් වෙත සහතික පත්‍ර ප්රදානය කිරිම ගරු සභාපති, ළහිරු හෙට්ටිආරච්චි මැතිතුමන් හා චන්දන සිසිර කුමාර මන්ත්‍රීතුමන් විසින් සිදු කරන ලදි.
2025.09.18
පුනරුදයේ පුරවර – පළාත් පාලන සතිය පස් වන දිනය
පළාත් පාලන සතිය වැඩසටහන් මාලාවට සමගාමීව බෝගහගොඩ නගරය ආශ්‍රිතව කාණු පද්ධති පිරිසිදු කිරීම හා මාර්ගය දෙපස සුද්ද කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේද සහයෝගය සහිතව ඉමදුව ප්‍රාදේශිය සභා කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් සිදුවිය. මෙම කටයුතු අධීක්ෂණය සඳහා ඉමදුව ප්‍රාදේශීය සභා ගරු සභාපති, ළහිරු හෙට්ටිආරච්චි මහතා මෙන්ම ප්‍රාදේශීය සභා නිලධාරින්ද සහභාගි වූ අතර ඉන් අනතුරුව පාසල් දරුවන් කසල කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීම හා Green Bags බෙදා දීමේ තවත් එක් අදියරක් ලෙස , ගා/වැලිකොන්ද ශ්‍රී ජීවානන්ද ප්‍රාථමික විද්‍යාලයීය දරුවන් මූලික කර ගනිමින් අදාළ දැනුවත් කිරීම් සිදු කරන ලදි.
දිනයේ සවස් භාගයේදී, ඉමදුව අන්තර් පුස්තකාල විවාද තරඟයේ තවත් මූලික වටයේ තරඟ කිහිපයක් ඉමදුව ප්‍රාදේශීය සභා ප්‍රධාන පුස්තලකාල පරිශ්‍රයේදී පැවැත්වුණු අතර එහිදී පාංචාලිය, තිත්තගල්ල, අඟුලුගහ සහ දොරපෙ යන පුස්තකාල නියෝජනය කරමින් විවාද කණ්ඩායම් සහභාගි විය.
මෙම අවස්ථාව සඳහා ධීවර හා ජලජ සම්පත් පිළිබඳ ගරු නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මැතිතුමන් මෙන්ම ඉමදුව ප්‍රාදේශීය සභා ගරු සභාපති, ළහිරු හෙට්ටිආරච්චි මැතිතුමන්, චන්දන සිසිර කුමාර මන්ත්‍රීතුමන්, කේ. එල්. එන්. ගුණවර්ධන මන්ත්‍රීතුමන් සහභාගී විය. එහිදී ජයග්‍රාහක කණ්ඩායම් වෙත මෙන්ම සහභාගිත්වය වෙනුවෙන්ද සහතික පිරිනැමීම ගරු නියෝජ්‍ය ඇමතිතුමන් සුරතින් සිදු වූ අතර දරුවන් සමඟ එතුමන් සුහද කතාබහකද නිරත විය
.
2025.09.19
පළාත් පාලන සතිය – 06 වන දිනය
ඉමදුව ප්‍රාදේශීය සභා ගරු සභාපති, ළහිරු හෙට්ටිආරච්චි මැතිතුමන්ගේ සංකල්පය පරිදි ගරු මන්ත්‍රී මණ්ඩලයේද සහභාගිත්වයෙන්, ප්‍රාදේශීය සභා නිලධාරින් හා කාර්ය මණ්ඩලයද ඒකරාශී කරගනිමින් පැවැත්වූ සුහද එල්ලේ තරඟය අද දින බටේමුල්ල ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී ඉතාමත් සාර්ථකව පැවැත්විණි.
2025.09.20
පුනරුදයේ පුරවර – පළාත් පාලන සතිය – 07 වන(අවසන්) දිනය
පළාත් පාලන සතියෙහි සමාප්තිය සනිටුහන් කරමින්, සහතික පත් බෙදා දීමේ උත්සවය හා ගී සැඳෑව 2025.09.21 වනදා සන්ධ්‍යා භාගයේදී ඉමදුව ප්‍රාදේශීය සභා බහු කාර්ය ගොඩනැගිලි පරිශ්‍රයේදී පැවැත්විණි.
මේ සඳහා ඉමදුව ප්‍රාදේශීය සභා ගරු සභාපති, ළහිරු හෙට්ටිආරච්චි මැතිතුමන්, ගරු මන්ත්‍රීතුමන්ලා, ඉමදුව ප්‍රාදේශීය සභා ලේකම් කෞශල්‍යා ගුණසේකර මහත්මිය ඇතුලු ආරාධිත අමුත්තන් සමග ඉමදුව ප්‍රාදේශීය සභා නිලධාරී හා කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මියන් සහභාගි විය.