ඉමදුව ප්රාදේශිය සභාවේ ගරු සභාපතිතුමන් ඇතුළුව නව මන්ත්රී මඩුල්ල අද (02) සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.
ගරුතර සංඝරත්නයේ ආශිර්වාද මැද, ධීවර හා ජලජ සම්පත් ගරු නියෝජ්ය අමාත්ය රත්න ගමගේ මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් උත්සව සභාවේ කටයුතු ආරම්භ විය.
ඉමදුව ප්රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් ලෙස ළහිරු හෙට්ටිආරච්චි මැතිතුමන් සිය ධූරයේ වැඩ භාර ගැනීම සිදු කරන ලද අතර එම උත්සව අවස්ථාව සඳහා සහකාර ප්රාදේශිය ලේකම්තුමිය, ඉමදුව පොලිස් ස්ථානයේ නියෝජ්ය පොලිස් ස්ථානාධිපතිතුමන්, ජ්යේෂ්ඨ මහජන සෞඛ්ය පරීක්ෂකතුමන්, ඉමදුව ප්රාදේශිය සභාවේ ලේකම්තුමිය ,නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය, පක්ෂ විපක්ෂ නියෝජනය කරමින් පැමිණි මහත්ම මහත්මීන් සහභාගි විය.


