ඉමදුව ප්රාදේශිය සභාව විසින් ක්රියාත්මක කෙරුණු ජංගම සේවා වැඩසටහන අද දින (2025.08.06) දික්කුඹුර මංසන්ධියේදී ඉතාමත් සාර්ථකව පැවැත්විණි!
මෙහිදී, ආයුර්වේද සායනය, ඩෙංගු පරීක්ෂාව, කසල වෙන් කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම්, හිඟ ආදායම් රැස් කිරීම්, මාර්ග දෙපස හා කාණු පද්ධති පිරිසිදු කිරීම්, විදුලි පහන් අලුත්වැඩියාවන්, නොදිරන කසල එක් රැස් කිරීම, මහජන පැමිණිලි ලබා ගැනීම හා පරීක්ෂා කිරීම වැනි සේවාවන් රැසක් සිදුවිය.
මෙම වැඩසටහන සඳහා ගරු සභාපතිතුමන් සමඟ දික්කුඹුර කොට්ඨාස මන්ත්රීතුමන් වන එරංග කොඩිතුවක්කු මහතා, අන්දුගොඩ කොට්ඨාස මන්ත්රීතුමන් වන චන්දන සිසිර කුමාර මහතා සහභාගි වූ අතර ලේකම්තුමිය ප්රමුඛ ඉමදුව ප්රාදේශිය සභා නිලධාරි මහත්ම මහත්මීන්, සේවක මහත්ම මහත්මීන් සහ මහජන සෞඛ්ය පරීක්ෂකතුමන්ලා සිය දායකත්වය ලබා දුනි!