නිදහස් ආයුර්වේද මධ්‍යස්ථාන පවත්වාගෙන යාම

පහත සඳහන් දිනයන්හි දී ආයුර්වේද මධ්‍යස්ථානයේ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ බෙහෙත් නොමිලේ ලබා ගැනීමට පහසුකම් සපයා ඇත.

  • කෝදාගොඩ ආයුර්වේද මධ්යස්ථානය – සඳුදා -සිකුරාදා
    සෙනසුරාදා ප.ව.12.00 දක්වා
  • පාංචාලිය ආයුර්වේද මධ්යස්ථානය -සඳුදා -සිකුරාදා
    සෙනසුරාදා ප.ව.12.00 දක්වා

ඉමදුව ප්‍රාදේශීය සභා පෙරපාසල් සඳහා බඳවා ගැනීම

අදාළ ගාස්තු අයකිරීම පහත පරිදි වේ.

  • පෙර පාසල් ඇතුලත්වීමේ ගාස්තු (අයදුම්පත්‍ර ගාස්තුව සමග)                        2,500.00

( පවත්නා වර්ෂයේ අයවැය ලේඛනයේ සංශෝධනයන් මත වෙනස් වේ.)

  • පාංචාලිය පෙර පාසල I (පෙර පාසල දරුවන් 30)
  • පාංචාලිය පෙරපාසල II (1 පංතියේ සිටින දරුවන් මෙම කොටසට යොමු වේ )
  • කෝදාගොඩ පෙර පාසල (පෙර පාසල දරුවන් 30)
  • පොල්හේන පෙර පාසල (පෙර පාසල දරුවන්  20)
  • ආයෝජනගම පෙර පාසල (පෙර පාසල දරුවන් 30)
  • සර්වෝදය කන්ද පෙර පාසල (පෙර පාසල දරුවන් 20)
  • කෝඹල දරුවන් පෙර පාසල (පෙර පාසල දරුවන් 20)
  • කබරගල දරුවන් පෙර පාසල (පෙර පාසල  දරුවන් 25)

ඉමදුව ප්‍රාදේශීය සභාව සතු පහත සඳහන් පෙර පාසල් සඳහා දෙසැම්බර් මාසෙය්දී සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලබයි.

අයදුම්පත් ලැබුන පසු සම්මුඛ පරීක්ෂණයක් පවත්වා උපරිම සුදුසුකම් සහිත දරුවන් බදවා ගැනේ.

සම්මුඛ පරීක්ෂණය සඳහා,

  • පෙර පාසල් ආසන්න පදිංචිය,
  • ආදායම් තත්ත්වය (අඩු ආදායම් දරුවන් සදහා)  ප්‍රමුඛතාවය ලබා දේ.

වීථි පහන් නඩත්තු කිරීම

වීථි පහන් සවිකිරීමේදී ලිඛිතව කරන ඉල්ලීම් පිළිබඳවඳ ඉමදුව ප්‍රාදේශීය සභාව මගින් නිසි සැලකිල්ලක් දක්වනු ලබයි.

පුද්ගලයින්ගේ හෝ දේපලවලට අනතුරුදායක ගස් ඉවත් කිරීම.

  1. හැඳින්වීම

        (අ)   පළාත් පාලන ආයතන වෙත පැවරී තිබෙන කර්තව්‍යය අතර, ජනතාවගේ සුඛ විහරණය, පහසුව, සුබ සාධනය හා සියලු පහසුකම් ආරක්ෂා කිරීම යන කරුණු ප්‍රධාන වේ. මේ කාරණා අතරට මහජන පීඩා වැළැක්වීම ද ඇතුළත් වේ. යම් ගසකින් හෝ ඉන් කිසියම් කොටසකින් ගස අයිතිකරු නොවන බාහිර තැනැත්තෙකුට අනතුරුදායක තත්ත්වයක් ඇති විය හැකි අවස්ථාවක දී එම පීඩාව ඉවත් කරවීම සඳහා පළාත් පාලන ආයතනයේ විධායක ප්‍රධානියා වෙත මූලික නීතියෙන් බලය පවරා දී ඇත.

        (ආ)  මෙවැනි පැමිණිල්ලක් ලැබී ඇති විට අදාළ ගසෙන් හෝ එහි කිසියම් කොටසකින් යම් තැනැත්තකුගේ දේපළකට හෝ ජීවිතයට තර්ජනයක් වන්නේ ද යන්න විචක්ෂණශීලී ව පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍ය කාරණයක් වන අතර එවැනි අවස්ථාවක දී පමණක් පළාත් පාලන ආයතනයේ විධායක ප්‍රධානියා වෙත පවරා දී ඇති බලය ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීම වැදගත් වේ.

        (ඇ)  ඇතැම් තැනැත්තන් අතර (ඉඩම් හිමිකරුවන් / හවුල් අයිතිකරුවන් / පවුල් අතර) පවතින පෞද්ගලික ආරවුල් සම්බන්ධ කර ගනිමින් මෙවැනි ඉල්ලීම් පළාත් පාලන ආයතනය වෙත ඉදිරිපත් කරනු ලබන අවස්ථා සහ ඉඩම් අයිතිය පිළිබඳ හබ කිරීම් සම්බන්ධයෙන් අධිකරණ කටයුතු ආරම්භ කර තිබෙන අවස්ථා පැවතිය හැකි බැවින් ඒ පිළිබඳ ව ද සැලකිලිමත් වීම වැදගත් වේ.

        (ඈ)  පැමිණිල්ලට අදාළ ව පීඩාවක් ඇති වීමට ඉඩ ඇත්තේ සම්පූර්ණ ගසෙන් ද නැතහොත් එහි කිසියම් කොටසකින් ද යන්න හෝ ගෙඩියකින් හෝ ගෙඩිවලින් ද යන්න නිවැරදිව හඳුනා ගැනීම අනිවාර්යයෙන් ම කළ යුතු ව ඇත.

        (ඉ)   යම් අවස්ථාවක තැනැත්තෙකුගේ දේපළකට හෝ ජීවිතයට හානි සිදු විය හැකි යම් ගසක් සම්පූර්ණයෙන්ම කපා ඉවත් කළ යුතු බවට හෝ ඉන් කොටසක් කපා ඉවත් කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති අවස්ථාවක, ඒ ගස කපා ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කිරීමට පෙර, ඒ ගස 1956 අංක 9 දරන ගස් කපා හෙළීම පාලනය කිරීමේ පනත යටතේ සාදන ලද නියෝග වලින් කපා හෙළීම තහනම් කර ඇති ගසක් ද නැති ද යන්න තහවුරු කර ගැනීම ද නීතිමය අවශ්‍යතාවකි.

        (ඊ)   කිසියම් ගසකින් හෝ ඉන් කොටසකින් අනතුරුදායක තත්ත්වය ඇත්තේ ගස අයිතිකරුට හෝ හවුල් අයිතිය ඇති ඉඩමක යම් හවුල් අයිතිකරුවකුට නම්, ඒ අනතුරුදායක තත්ත්වය ඉවත් කර ගැනීම කළ යුත්තේ ගස අයිතිකරු හෝ හවුල් අයිතිකරුවන් විසින් ය.

  1. නෛතික අධිකාරිය

        (අ)   මූලික නීති:

  1. i. 252 වන අධිකාරය වූ මහා නගර සභා ආඥාපනතේ 136ආ වගන්තිය;
  2. ii. 255 වන අධිකාරය වූ නගර සභා ආඥාපනතේ 127ඉ වගන්තිය;

               iii.  1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 107 වන වගන්තිය.

        (ආ)  වෙනත් නීති

  1. i. 1956 අංක 9 දරන ගස් කපා හෙළීම පාලනය කිරීමේ පනත;
  2. ii. 1956 අංක 9 දරන ගස් කපා හෙළීම පාලනය කිරීමේ පනත යටතේ සාදන ලද නියෝග.

03    සුදුසුකම්

        පහත සඳහන් කරුණු සම්පූර්ණ වී ඇති අවස්ථාවක, ඒ තැනැත්තා මේ සහනය ලබා ගැනීමට සුදුසුකම් ලබයි.

        (අ)   අනතුරුදායක තත්ත්වය පවතින ගස තමාට අයත් ඉඩමක පිහිටා නැති ගසක් විය යුතු ය.

        (ආ)  ගස අයත් වන තැනැත්තා නොවන වෙනත් යම් තැනැත්තෙකුට, ඒ යම් ගසක අත්තකින්, කඳකින්, ගෙඩියකින් හෝ සම්පූර්ණ ගසෙන් අනතුරුදායක තත්ත්වයක් හෙවත් පීඩාවක් වීමට ඉඩකඩ ඇතිවීමේ තත්ත්වයක් තහවුරු කළ හැකි විය යුතු ය.

        සටහන:     ගස පවතින ඉඩමේ අයිතිය, ඉල්ලීම කරන තැනැත්තා ද ඇතුළුව වෙනත් තැනැත්තන්ට ද හවුලේ පවතින ඉඩමක් වන විට හෝ ඒ ගස පවතින ඉඩමේ අයිතිය පිළිබඳ අධිකරණ ක්‍රියා මාර්ග ගනිමින් පවතින අවස්ථාවක හෝ ඉඩමේ අයිතිය පිළිබඳ ආරවුලක් පවතින අවස්ථාවක, ඒ ගසෙන් සිදු විය හැකි අනතුරුදායක තත්ත්වය සම්බන්ධ ඉල්ලීමක් පළාත් පාලන ආයතනයේ විධායක ප්‍රධානියා විසින් ක්‍රියා කිරීමට භාර ගැනීම නොකරනු ඇත. අධිකරණයේ ඉඩම් අයිතිය සම්බන්ධ නඩුවක් විභාග වන අවස්ථාවක, මෙම තත්ත්වය මෝසමක් අධිකරණයට කරුණු වාර්තා කර සහන ලබා ගැනීමට ක්‍රියා කරන ලෙස පැමිණිලිකරු දැනුම්වත් කළ යුතු ය.

04.   අනතුරුදායක ගස් ඉවත් කිරීමේ පියවර පහත පරිදි වේ.

  • ගස්වලින් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා වන මුදල් ගෙවා ලබා ගත් අයදුම්පත සම්පූර්ණ කිරීම.
  • අයදුම්පත් සදහා පහත පරිදි ගාස්තු අයකෙරේ,
  • අනතුරුදායක ගස් පෝරම ගාස්තුකොස් ගසක් සඳහාරු.  2,000.00
  • අනතුරුදායක ගස් පෝරම ගාස්තුපොල් ගසක් සඳහාරු. 1,500.00
  • අනතුරුදායක වෙනත් ඕනෑම ගසක් සඳහා      –     රු. 1,000.00
    • පරිසර නිලධාරී/තාක්ෂණික සේවා නිලධාරී පරීක්ෂා කිරීම.
    • ඉන්පසු අනතුරුදායක ගස් හිමියන්ට කඩිනමින් පලමුවන නියෝගය නිකුත් කිරීම.
    • පළමු නියෝගයට ක්‍රියාත්මක නොවන්නේනම් නම් අවසන් නියෝගය නිකුත් කිරිම.

05    ඉදිරිපත් කළ යුතු ලේඛන

අදාළ අයදුම්පත සම්පූර්ණ කර, අදාළ ගාස්තු ගෙවිම් කර ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.

දේපළ හිමිකම ලියා පදිංචි කිරීම හා සංශෝධනය කිරීම.

අයදුම්පත සම්පූර්ණ කර, අදාළ ගාස්තු ගෙවිම් කර, පහත සඳහන් ලියකියවිලි සමඟ ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.

  • අයදුම්පත් ගාස්තුව රු.500.00

ඉමදුව බල ප්‍රදේශයේ වරිපනම් සීමාව තුළ ඇති දේපලවල වරිපනම් නම් සංශෝධනය ගැනීම සඳහා පහත සඳහන් ලිපි ලේඛන සභාව වෙත ලබා දිය යුතුය.

වරිපනම් නම් සංශෝධනය සඳහා අවශ් ලේඛන.

  1. වරිපනම් ලේඛනයේ නම් වෙනස් කිරීමේ AT අයදුම්පත්‍රය
  2. ඉල්ලිම් ලිපිය
  3. අවසාන පැවරිමට අදාල ඔප්පුවේ සහතික කරන ලද පිටපත් 02ක්
  4. ඔප්පුවට අදාල පිඹුරු පතේ සහතික කරන ලද පිටපත් 02ක්
  5. ලේඛන ගත අයිතිකරුගේ සිට දේපළ පැවරිම දැක්වෙන පෙලපත් සටහන ( අවම වශයෙන් වසර 30 දක්වා ලේඛනගත අයිතිකරු සඳහන් නොවන අවස්ථාවක ලේඛන ගත අයිතිකරුට, අදාල බිම් කොටසේ අයිතියක් නොමැති බවට වසර 30 ක පෙලපත අවසානයේ නොතාරිස් සනාථ කර තිබිය යුතුය.)
  6. නව අංකයක් ඉල්ලුම් කරන අවස්ථාවක යෝජිත දේපළ දෙපස වරිපනම් අංක හා පාර පැහැදිලිව සටහන් කරන ලද දළ සැලැස්මක්