මාර්ගගත ගෙවීම් සිදුකිරීම සඳහා උපදෙස්

අපගේ සේවාවන් සඳහා පහත දැක්වෙන ඕනෑම ක්‍රමයක් භාවිතා කර ඔබට නිවසේ සිටම ඉතා පහසුවෙන් මුදල් ගෙවිය හැකිය.

📢

‍ ගෙවීමෙන් පසු අමතක නොකරන්න:

වැදගත්: මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව එම රිසිට් පතෙහි ( PDF/Image/Screenshot ) පිටපතක් ඔබේ නම, දුරකථන අංකය සහ ගෙවීම් විස්තරය සමඟ imaduwa.prasabha@gmail.com යන විද්‍යුත් තැපැල් ගිණුමට අනිවාර්යයෙන් යොමු කරන්න.

අවශ්‍ය තොරතුරු: ගෙවීම් රිසිට්පතේ පිටපතක් (PDF/ඡායාරූපයක්/Screenshot), ඔබේ නම, දුරකථන අංකය සහ සේවාව/මුදල් ගෙවනු ලබන හේතුව පිළිබඳ විස්තරයක්.

*ගෙවිම් සිදු කිරීමේ දී Reference No ලෙස ඔබව හඳුනා ගැනීම සඳහා යොදා ගැනීමට හැකි ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) සහ නම, ව්‍යාපාරයේ නම හෝ ලිපි යොමු අංකය හෝ ලිපියෙහි සදහන් REF අංකයක් වේනම් එම අංකය නිවැරදිව ඇතුළත් කරන්න.”

අප හා සම්බන්ධ වන්න – කාර්යාලය: 091 2286375 (සතියේ දිනවල පෙ.ව. 8:30 සිට ප.ව. 4:30 දක්වා)

GovPay

  1. ඔබේ බැංකු හෝ ෆින්ටෙක් (Fintech) යෙදුමට (App) පිවිසෙන්න.

  2. Bill Payments → Government Payments → GovPay වෙත යන්න.

  3. ආයතනය ලෙස ‘ඉමදුව ප්‍රාදේශීය සභාව’ (Imaduwa Pradeshiya Sabha) තෝරා, සේවා වර්ගය, අදාළ මුදල සහ යොමු අංකය (Reference Number) ඇතුළත් කරන්න.
    (මෙහිදී Reference No ලෙස ඔබව හඳුනා ගැනීම සඳහා යොදා ගැනීමට හැකි ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) සහ නම, ව්‍යාපාරයේ නම හෝ ලිපි යොමු අංකය හෝ ලිපියෙහි සදහන් REF No වේනම් එම අංකය නිවැරදිව ඇතුළත් කරන්න.”)

  4. තොරතුරු නිවැරදිදැයි පරීක්ෂා කර බලා ගනුදෙනුව තහවුරු (Confirm) කරන්න.

  5. ලැබෙන විද්‍යුත් රිසිට්පත (e-receipt) සහ කෙටි පණිවුඩ (SMS) තහවුරු කිරීම ලබාගෙන එය අප වෙත යොමු කරන්න.

* සෑම ගනුදෙනුවක් සඳහාම රු. 15 ක සුළු පහසුකම් ගාස්තුවක් අය කෙරේ.

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: Govpay.lk

අපගේ මග පෙන්වීම් සදහා පිවිසෙන්න

govpay instructions

QR Payment (LankaQR)

ඕනෑම LankaQR සහාය දක්වන App එකක් (Genie, FriMi, Flash, බැංකු Apps) මගින් ගෙවීම් කළ හැකිය.

  1. ඔබේ Payment App එක විවෘත කර ‘Scan QR’ යන්න තෝරන්න.

  2. පහත දැක්වෙන QR කේතය Scan කරන්න.
    * මෙහිදී Reference No ලෙස ඔබව හඳුනා ගැනීම සඳහා යොදා ගැනීමට හැකි ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) සහ නම, ව්‍යාපාරයේ නම හෝ ලිපි යොමු අංකය හෝ ලිපියෙහි සදහන් REF NO වේනම් එම අංකය නිවැරදිව ඇතුළත් කරන්න.”

  3. ගෙවිය යුතු මුදල ඇතුළත් කර Confirm කරන්න.
    

*රු. 5,000.00 දක්වා ගනුදෙනු සඳහා අමතර ගාස්තු අය නොකෙරේ. ඊට වැඩි ගනුදෙනු සඳහා අනුමත ගාස්තු අදාළ වේ.

qr payments imaduwa ps

elgservices.lk (Credit/Debit Card)

  1. elgservices.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වී (Register) පද්ධතියට පිවිසෙන්න (Login).

  2. අදාළ සේවාව තෝරාගෙන ඔබේ ගෙවීමට අදාළ සියලු විස්තර ඇතුළත් කරන්න.

    *මෙහිදී Reference No ලෙස ඔබව හඳුනා ගැනීම සඳහා යොදා ගැනීමට හැකි ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) සහ නම, ව්‍යාපාරයේ නම හෝ ලිපි යොමු අංකය හෝ ලිපියෙහි සදහන් REF අංකයක් වේනම් එම අංකය නිවැරදිව ඇතුළත් කරන්න.”

  3. ඔබේ බැංකු කාඩ්පත් (Card) විස්තර ඇතුළත් කර ගනුදෙනුව තහවුරු කරන්න.

ඉමදුව ප්‍රාදේශීය සභාවේ ඔබගේ දෛනික ගෙවීම් සහ සේවාවන් වඩාත් කාර්යක්ෂමව සහ පහසුවෙන් ඉටුකර ගැනීම සඳහා, පළාත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් හඳුන්වා දුන් ELG Serviceslocal government online payment services පද්ධතිය දැන් සක්‍රීයයි.

✅ ලබාගත හැකි ප්‍රධාන සේවාවන්:

  • වරිපනම් බදු ගෙවීම් (Rates & Taxes)

  • ව්‍යාපාර බදු සහ කඩ කුලී ගෙවීම් (Business Tax & Shop Rent)

  • සභා සතු ශාලා සහ පිටි වෙන් කරගැනීම (Bookings)

  • වෙනත් සියලුම මාර්ගගත ගෙවීම් (Online Payments)

elgservicebanner

📝 පද්ධතියට ලියාපදිංචි වී සේවාවන් ලබාගන්නා ආකාරය:

 

පියවර 01: ලියාපදිංචි වීම (Registration)

  1. www.elgservices.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

  2. ඉහළ දකුණු කෙළවරේ ඇති ‘Register’ බොත්තම ක්ලික් කරන්න.

  3. ඔබේ පළාත, දිස්ත්‍රික්කය සහ ‘ඉමදුව ප්‍රාදේශීය සභාව’ තෝරන්න.

  4. ඔබේ නම, ලිපිනය, NIC අංකය සහ දුරකථන අංකය ඇතුළත් කර පද්ධතියට ලියාපදිංචි වන්න. (මතක තබා ගන්න: මුරපදය සඳහා # ලකුණ භාවිතා කළ නොහැක)

පියවර 02: පද්ධතියට පිවිසීම (Login)

  • ලියාපදිංචි වූ පසු ඔබේ NIC අංකය සහ මුරපදය (Password) භාවිතා කර පද්ධතියට ඇතුළු වන්න.

පියවර 03: සභාව සම්බන්ධ කර ගැනීම (Profile Setup)

  • පද්ධතියට ඇතුළු වූ පසු ‘Profile’ වෙත ගොස්, ‘Add New’ ක්ලික් කර ‘ඉමදුව ප්‍රාදේශීය සභාව’ ඔබේ ගිණුමට එකතු කරගන්න.

පියවර 04: ගෙවීම් සිදු කිරීම

  • දැන් ඔබට අවශ්‍ය සේවාව තෝරා ආරක්ෂිතව ඔබගේ බැංකු කාඩ්පත (Debit/Credit Card) මගින් ගෙවීම් සිදු කළ හැක. ගෙවීම අවසන් වූ සැණින් නිල රිසිට්පත බාගත කර ගැනීමට ද හැකියාව ඇත.    *ගාස්තු අයවේ.

elgservices.lk_imaduwa_ps

 මෙම පද්ධතියේ වාසි:

  • 24/7 සේවාව: ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට ගෙවීම් කළ හැක.

  • ආරක්ෂිතයි: බැංකු මට්ටමේ ඉහළ ආරක්ෂාවක් (Bank-grade security).

  • කාලය ඉතිරි වීම: සභාවට පැමිණ පෝලිම්වල සිටීමට අවශ්‍ය නැත.

📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 091-2286375.

පද්ධතිය කළමනාකරණය:  පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය.

ඉමදුව ප්‍රාදේශීය සභාව – ජනතා සේවය වඩාත් සමීපව!

Bank Transfer (Online Banking / Banking App)

  1. බැංකුව: මහජන බැංකුව – ඉමදුව (People’s Bank)
  2. ගිණුම් අංකය: 247-1-001-4-0000017
  3. යොමු අංකය  (Reference/Remark): ඔබේ නම, ජාතික හැඳුනුම්පත් අංකය (NIC) හෝ සේවාවට අදාළ විස්තර ඇතුළත් කරන්න.
    *මෙහිදී Reference No ලෙස ඔබව හඳුනා ගැනීම සඳහා යොදා ගැනීමට හැකි ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) සහ නම, ව්‍යාපාරයේ නම හෝ ලිපි යොමු අංකය හෝ ලිපියෙහි සදහන් REF No වේනම් එම අංකය නිවැරදිව ඇතුළත් කරන්න.”
  • අනුමත බැංකු ගාස්තුවකට යටත් වේ.

වැදගත්: ගෙවීම සිදු කළ පසු, එම රිසිට්පතේ පිටපතක් (PDF/ඡායාරූපයක්/Screenshot) ඔබේ නම, දුරකථන අංකය සහ ගෙවීමට අදාළ හේතුව/සේවාව සමඟ imaduwa.prasabha@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කිරීමට කාරුණික වන්න.