“ජංගම සේවා වැඩසටහන” – හොරදුගොඩ, අලගොඩ පුරාණ විහාරස්ථානයේදී (2026.03.20)

alagoda_mobile_services
ඉමදුව ප්රාදේශීය සභා “ජංගම සේවා වැඩසටහන” අද දින (2026.03.20) හොරදුගොඩ, අලගොඩ පුරාණ විහාරස්ථානයේදී ඉතාමත් සාර්ථකව පැවැත්විණි.
 
මෙම අවස්ථාව සඳහා ධීවර හා ජලජ සම්පත් ගරු නියෝජ්ය අමාත්ය රත්න ගමගේ මැතිතුමන්, ඉමදුව ප්රාදේශීය සභා ගරු සභාපති, ළහිරු හෙට්ටිආරච්චි මැතිතුමන්, කොට්ඨාස මන්ත්රීතුමන් වන කේ.එල්.එන් ගුණවර්ධන මන්ත්රීතුමන් ඇතුළුව අනුර මූදුගමුව, චන්දන සිසිර කුමාර, එරංග කොඩිතුවක්කු යන මන්ත්රීවරුන්, ඉමදුව ප්රාදේශීය ලේකම් නිහාරා වෙත්තසිංහ මහත්මිය, ඉමදුව ප්රාදේශීය සභා ලේකම් කෞශල්යා ගුණසේකර මහත්මිය, සහකාර සැලසුම් අධ්යක්ෂිකා රම්යලතා පියසීලි මහත්මිය, ඉමදුව පොලිස් ස්ථානාධිපති අලවත්ත මහතා, ඉමදුව සෞඛ්ය වෛද්ය නිලධාරි වෛද්ය ප්රමිල් හෙට්ටිආරච්චි මහතා සහභාගි වූ අතර වැඩසටහනේ සාර්ථකත්වය උදෙසා අලගොඩ පුරාණ විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ, වවුලුගල ආයුර්වේද ප්රජා සෞඛ්ය මධ්යස්ථානයේ වෛද්යවරියන් හා නිලධාරින් , ඉමදුව ප්රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරින් , ප්රදේශවාසින් ඇතුළු බොහෝ පිරිසකගේ දායකත්වය නොමසුරුව හිමි විය.
 
මෙහිදී ඉමදුව ප්රාදේශීය සභාව විසින් සපයනු ලබන සේවාවන් මෙන්ම ඉමදුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ එක් එක් අංශ අනුව සැපයෙන සේවාවන් සඳහා වෙන් වෙන් වශයෙන් සේවා කුටි සංවිධානය කොට තිබූ අතර, වවුලුගල ආයුර්වේද ප්රජා සෞඛ්ය මධ්යස්ථානයේ සම්පත්දායකත්වය සහිතව වෛද්ය පරීක්ෂාවන් ලෙස රුධිර පීඩන පරීක්ෂාවන්, රුධිර ගත සීනි හා කොලෙස්ටරෝල් පරීක්ෂාවන් මෙන්ම ඉමදුව ප්රාදේශීය සභා ආයුර්වේද සායන මගින් ආයුර්වේදීය ඖෂධ ලබා දීමද සිදුවිය. මීට අමතරව දකුණු පළාත් සෞඛ්ය සේවා සම්බන්ධීකරණය යටතේ සුනඛයින් එන්නත් කිරීමේ කටයුතුද මීට සමගාමීව සිදුවිය.
 
තවද ඩෙංගු උවදුර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම හා ඩෙංගු පරීක්ෂාවන්, මහජන පැමිණිලි ලබා ගැනීම් හා විමර්ශනය කිරීම් ඇතුළු සේවාවන් රැසක් ඉමදුව ප්රාදේශිය සභා , ප්රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරින් හා මහජන සෞඛ්ය පරීක්ෂක නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් සිදුවිය.